• Today is: Monday, November 20, 2017
ඔබගේ ගැටළු

පාඨක ඔබගේ සෞඛ්‍ය ගැටළු වලට පිළිතුරු සැපයීමට අපගේ වෛද්‍ය මණ්ඩලය සුදානමින් සිටී. එම  ගැටළු doctoroncall@saukya.lk යන අපගේ වෙබ් විද්‍යුත් ලිපිනයට හෝ “සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමය(SHRI), අංක  380/7, සරණ මාවත, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ස්ථානයේ පිහිටුවා ඇති අපගේ කාර්යාලය වෙත තැපෑලෙන් හෝ එවිය හැකිය.

  1. අදාළ පිළිතුරු ඔබ හට පෞද්ගලිකව තැපෑලෙන් එවිය නොහැකි බව කරුණාවෙන් සලකන්න. එහෙත් ඔබගේ විද්‍යුත් තැපෑල (e mail address) සදහන් කර ඇත්නම් එම පිළිතුර ඔබගේ විද්‍යුත් ලිපිනයට ලබා දීමේ හැකියාව පවතී.
  2. ඔබගේ ගැටළු වලට ලබා දෙන පිළිතුරු අනෙකුත් පාඨකයන් ගේද  දැනගැනීම වැදගත් අවස්ථා වන්හිදී පමණක් ඒවා ඔබගේ අනන්‍යතාවය හෙලිනොවන පරිදි  ඒවා මෙම වෙබ් අඩවියේ පලකෙරෙනු ඇත…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………. අපගේ පාඨකයකු  වන “NIsala“ විසින් පහත පැනය අපවෙත යොමු කර ඇත .

    09/03/2017
    ප්‍රශ්ණය-
    වයස 28න් පස්සේ පිරිමියෙකුට උස යන්න පුලුවන්ද?
    අම්මා තාත්තා කොටයි නම් ඒක බාධාවක් වෙනවද

    පිළිතුර –
    සාමාන්‍යයෙන් උසයාම වයස 18 දී පමණ නතරවේ.එමෙන්ම ඒ වන විට ලබාගෙන ඇති උස ප්‍රමාණය සඳහා ජානමය(දෙමාපියන්ගෙන් උරුමවූ),පෝෂණය
    ,සෞඛ්‍ය තත්වය සහ ව්‍යායාම දායක වේ.එහෙයින් මිටි දෙමාපියන්ගේ දරුවන්  මිටි වීමට වැඩි ඉඩකඩක් පවතී.
    ………………………………………………………………………………………………………………………………………………………..

    06/12/2016
    අපගේ පාඨකයකු  වන “සුසිත්‍ර “ විසින් පහත පැනය අපවෙත යොමු කර ඇත .

    ප්‍රශ්ණය-මගේ නහයෙ කැළලක් තියෙනවා පොඩි කාලේ වැටුණු නිසා වුන දෙයක්.ඒක නිකන් නහය ඉරුනා වගෙ. මට එක මැකෙන බෙහෙතක් කියන්න .

    පිළිතුර -පොඩි කාලයේ සිදුවූ වැටීමකින් ඇතිවූ කැළලක් නම් ආලේපනයක් භාවිතයෙන් එය ඉවත් කර ගැනීමේ හැකියාව අවම විය හැකිය .වෙළඳ පලේ  ඇති ඇතැම් ආලේපන භාවිතයෙන් සම පැහැය වෙනස් වීම මෙන්ම සම තුනී වීමද සිදුවිය හැකිය නිසා ,කරුණාකර ඔබගේ ප්‍රදේශයේ රෝහලේ   චර්ම රෝග සායනයට යොමුවන්න .නැතහොත් චර්ම රෝග විශේෂඥයෙකු  හමුවන්න.එවිට තුවාල කැලල  පරීක්ෂාවකින් පසුව අදාල ප්‍රතිකාර ලබා ගත හැකි වනු ඇත. කැලලේ ස්වභාවය අනුව ඇතැම්විට ඔබව ප්ලාස්ටික් ශල්‍ය කර්ම අංශයටද  යොමු කිරීමට ඉඩ ඇත .