• Today is: Thursday, September 21, 2017

“අම්මේ බඩ රිදෙනවා”ඔබ අත් බෙහෙත් දෙමින් කොපමණ වෙලාවක් බලා සිටිය යුතුද ?

download (2)

දරුවන්ගේ බඩ රිදීම ඔවුන් නිතර නිතර ඔබවෙත කරණු ලබන පැමිණිල්ලකි .එහෙත් දරුවා ගේ පහත රෝග ලක්ෂණද ඇත්නම් ගෙදර ඇති අත් බෙහෙත් ලබා දෙමින් ඔබ තව දුරටත් බලා සිටිය යුතු නැත .ඒ මෙම වේදනාව  ඔබේ දරුවාගේ උණ්ඩුක පුච්ජයේ ආසාදනයක් නිසා සිදුවිය හැකි බැවිනි .

රෝග ලක්ෂණ

ආරම්භය වන්නේ  මුළු බඩේ ම පැතිර ඇති වේදනාවක් ලෙසය .පසුව බඩේ පහළ දකුණු පස ප්‍රදේශය මුලික කරගත්  වේදනාවක් බවට මෙය පත්වේ .අනතුරුව මුලදී තිබුනාට වඩා වේදනාව ක්‍රමක්‍රමයෙන්  වැඩිවේ .

බඩ පුරවා දමයි .කෑම අරුචිය ,ඔක්කාරය ,වමනය ,බඩ බුරුලෙන් යාම සහ මද උණ උණ ඇතිවේ . මෙම රෝග තත්වය appendicitis ලෙස හැදින්වේ !

“ඇපෙන්ඩිසෛටිස්”  මොකක්ද මේ ? අපි ඉදිරියේදී සලකා බලමු .

Tags: