• Today is: Monday, November 20, 2017

උණ්ඩුක පුච්ඡය ඉවත් කිරීම හෙවත් “ඇපෙන්ඩ්සෙක්ටමි”( Appendicectomy)

Inflamed_appendix

උණ්ඩුක පුච්ඡය මෙලෙස ආසාදනය වන්නේ ඇයි ?

උණ්ඩුක පුච්ඡ ආසාදනයේදී එහි බිත්තියේ සියලුම ස්ථර තුල  නියුට්‍රොෆිල් නම්  සුදුරුධිරානු වර්ගය පැතිරයන බව මා පැවසුවා ඔබට මතක ඇති යයි සිතමි.

සාමාන්‍යයෙන්  මෙම නියුට්‍රොෆිල් නම්  සෛල වර්ගය ශරීරයට පිටතින් ඇතුළුවන බැක්ටීරියා වලට එරෙහිව සටන්  කර අපගේ  ශරීරය ආරක්ෂා  කරදීමට බෙහෙවින් ආධාර වන ආරක්ෂක  සෛලයකි .එහෙයින් මෙලෙස උණ්ඩුක පුච්ඡය පුරා මෙම සුදුරුධිරානු වර්ගය පැතිර යාමට හේතුව (ආසාදනය වීමට) එවැන්නක් විය හැකිය. එහෙත්  එය නිශ්චිතවම මෙතෙක්  ඔප්පු කර නැත. මලපහ වල පවතින ඝන ද්‍රව්‍ය (ගල්) සිරවීමෙන් මෙය සිදුවන බවට සාමාන්‍ය ජනතාව අතර පවතින මතයේද  කිසිදු  සත්‍යතාවයක් නොපවතී.

ඇත්තටම මේ අවයවය තියෙන්නේ කුමකටද ?

මිනිසා ගේ මෙම ශරීර කොටසෙන් ශරීරයට සිදුවන කිසිදු මෙහෙයක් හඳුනාගෙන නොමැත.

“ඇපෙන්ඩ්සෙක්ටමි”( Appendicectomy)

උණ්ඩුක පුච්ඡය  ඉවත් කිරීමේ ශල්‍ය කර්මය  සාපේක්ෂව සරල අවදානම් බැවින් අඩු ප්‍රතිකාර ක්‍රමයකි . එහෙයින් සුදුසුකම් සහිත වෛද්‍ය වරයෙකු විසින් යම් රෝගියෙකු හට උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය ඇති බව  විනිශ්චය කළ  විට සාමාන්‍යයෙන් සිදුවනුයේ  එය ශල්‍ය කර්මය ක් මගින් ඉවත් කිරීමයි. මෙය ඇපෙන්ඩ්සෙක්ටමි”( Appendicectomy) ලෙස හැඳින්වේ.Inflamed_appendix

Tags: