• Today is: Thursday, July 27, 2017

ඔබගේ දරුවාටත් “ඇපෙන්ඩිසයිටිස් “ ?

appendicitis

image

“ඇපෙන්ඩිසයිටිස් “මෙය අද නිතර භාවිතා වන වචනයක් බවට පත්වී ඇත.උණ්ඩුක පුච්ඡ ප්‍රරධාහය හෙවත් ඇපෙන්ඩිසයිටිස් (appendicitis )යනු කුමක් දැයි අපි පළමුව විමසා බලමු.

මෙම රෝගය  වසරකට ලොව  පුරා, වයස අවුරුදු 10-30 අතර වූ පුද්ගලයන් මිලියන 16  පමණ පිරිසකට  වැළඳේ.

උණ්ඩුක පුච්ඡය (appendix) යනු  මිනිසාගේ කුඩා බඩවැල,  මහ බඩවැලත් සමග එකතු වන  “සීකම් “(caecum) නමින්  හඳුන් වන  මහ බඩවැලේ කොටසට සම්බන්ධව පවතින  සෙන්ටි මීටර් 10 පමණ දිගින් යුත්  නාලයක් වැනි අවයවකි.මෙහි බිත්තිය තට්ටු හතරකින් සමන්විතය .උණ්ඩුක පුච්ඡ ප්‍රරධාහයේදී  මේ  බිත්තියේ තට්ටු හතර  පුරාවටම නියුට්‍රොෆිල් (neutrophils) ලෙස හඳුන්වන සුදු රුධිරාණු වර්ගය පැතිර යයි. මෙය ආසාදනය තත්වයක් ලෙස හැඳින්වේ . උණ්ඩුක පුච්ඡ ප්‍රරධාහයේදී  මෙලෙස ඇතිවන ආසාදනය සැරව එකතු වීමක් වශයෙන්ද අනතුරුව  ගෙඩියක් ලෙස විශාල වීම දක්වාද ව්‍යාප්තවේ .මෙය ඉතාමත් අනතුරුදායක තත්වයකි.ඒ මක් නිසාද  මෙවැනි ගෙඩියක් පිපිරීමෙන් ආසාදනය මුළු උදර කුහරය තුලම පැතිර ගොස් මරණය පවා සිදුවිය හැකි හෙයිනි.

-වෛද්‍ය චන්දික එපිටකඩුව

Tags: