• Today is: Thursday, July 27, 2017

ඔබේ දරුවාට පණු බෙහෙත් දිය යුත්තේ කවදාද ?

download

1 වන කොටස 

අප පළමුවෙන්ම   පණු  ආසාදනයේ  මුලික  රෝග ලක්ෂණ කවරක්ද  යන්න සලකා බලමු 

මිනිස්  ශරීරය අභ්‍යන්තරයේ සහ බාහිර විවිධ  වර්ගයේ පරපෝෂිත රෝග තත්වයන් දැකිය  හැකිය . මේ අතර අතර මිනිසාගේ මහ අන්ත්‍ර (බඩවැල් ) ආශ්‍රිතව ජීවත්වන කිරි  පනුවන්, කස   පනුවන් ,පටි පනුවන්   සහ කෝකු පනුවන් ප්‍රධාන තැනක් ගනී. මිනිස් අන්ත්‍ර වල ඇතිවන මෙම පරපෝෂිත පණු රෝග දරුවන් අතර වඩාත් සුලභය.

බොහොමයක් දරුවෝ   පණුරෝග ආදියෙන්  පෙළුනත් කිසිම රෝග ලක්ෂණයක් බාහිරට නොපෙන්වති .ඔබේ දරුවා  බඩේ රුදාව, ඇඟ කෙට්ටු වීම සහ නොරුස්සනා ගතියෙන් පෙලෙයි නම් එම දරුවට පණු රෝගයක්  වැලදී ඇතැයි අපට අනුමාන කල හැකිය.
ඊට අමතරව,

  • කෑම අරුචිය
  • නිරක්තිය
  • ඇඟේ පලු දැමීම
  • නිතර පවතින කැස්ස
  • මුත්‍ර දැවිල්ල සහ නිතර මුත්‍රා යාම
  • රාත්‍රියට කැසීම
  • නින්ද නොයාම
  • ගුද මාර්ගය වටා කැසීම
  • මලපහ සමග ලේ පිටවීම
  • කලාතුරකින් සිදුවන පනුවන් වමනය ,
  • බඩඑලිය යාම

යන රෝගී ලක්ෂණ මෙම රෝගය නිසා සිදුවන  වීමට ඉඩකඩ ඇත.එහෙයින් මේ රෝග ලක්ෂණ වලින් එකක්  හෝ කිහිපයක් ඔබ හට   දක්නට ලැබුන හොත් ඔබගේ  දරුවා  වෛද්‍ය අවධානයට ලක් කිරීම යහපත් වනු ඇත.                       

 

 

 

Tags: