• Today is: Thursday, September 21, 2017

පියයුරු වර්ධනය

image (1)

මාසික ඔසප් චක්‍රයන්ගේ ආරම්භයට පෙර සුදානම 

යම් කාලයකට පෙර ලංකාවේ සමාජක්‍රමය තුල දැරියක් මල්වර වීම හෙවත් මාසික ඔසප් චක්‍රයන්ගේ ආරම්භය උත්සවාකාරයෙන් සමරනු ලැබිණ. මෙම අවස්ථාව හා සම්බන්ධවූ චාරිත්‍ර වාරිත්‍රද සමුහයක් විය. මෙහි පවතින සමාජ සංස්කෘතිකමය හරය  කුමක්වුවත් පළමු ඔසප්වීම යනු  හුදෙක්ම දැරියකගේ ශරීරය තුල සිදුවන්නාවූ හෝමෝනමය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව ඔබ දන්නවාද ?

සැබෑ වශයෙන්ම නම් පළමු මාසික ඔසප් වීම යනු, ඊටත් යම් කාලයකට පෙර සිටම ශරීරය තුල සිදුවීම ඇරඹුණු, දැරියක්  වැඩිහිටි ස්ත්‍රීයක් බවට පත් කරලීමේ ක්‍රියා වලියේ තවත් එක් පියවරක් පමණි.

පියයුරු වර්ධනය

  • ළමා වියේදී තිබෙන පියවුරු ප්‍රමාණයෙන් ඉතා කුඩාය. ගැටවර විය ආරම්භයත් සමග, දැරියකගේ තන පුඩුවට සමීපව ඇති අඳුරු පැහැ ගැන්වුණු ප්‍රදේශයේ(areola) මැදට වන්නට ඇතිවන ඝනකම් වීමක් ලෙස පියවුරු වර්ධනයේ මුල් අවස්ථාව දැකිය හැකිය. මෙම ප්‍රදේශය   ඇතැම්විට වේදනාත්මක වීමටද පුළුවන . මෙය  දැරියකගේ වයස වසර 10-11 අතර කාලයේදී සාමාන්‍යයෙන් දැකිය හැකි තත්වයකි .
  • පියවුරු වර්ධනයේ ඊළඟ අවධිය, පියවූරු වල අරියෝලාවේ සීමාවෙන් ඔබ්බට පැතිර යන ඉදිමීමක් වැනි විශාල වීමකි.මෙය ඉහත අවස්ථාවමෙන් ඝන බවින් තොර මෘදු වෙදනාත්මකද නොවන වර්ධනයකි.
  • අනතුරුව පියවුරු ක්‍රමක්‍රමයෙන් විශාල වන අතර තන පුඩුව වටා ඇති අඳුරු පැහැ ප්‍රදේශය එය වටා ඇති ප්‍රදේශයට වඩා ඉහලට එසවී පෙනෙයි.

අනතුරුව දැරිය වැඩුණු ස්ත්‍රියක් බවට පරිනත වීමත් සමග මෙම ඉස්සුනු ප්‍රදේශය පියවුරේ අනෙකුත් ප්‍රදේශ සමග සමවී යයි.

දැරියකගේ ශරීරයේ සෙසු කොටස් කෙලෙස වර්ධනය වේද ? ඊළඟ ලිපියෙන් අපි විමසා බලමු.

  • වෛද්‍ය චන්දික එපිටකඩුව
Tags: