• Today is: Thursday, July 27, 2017

භයානක ලෙඩකට භයානක ප්‍රතිකාරයක් !

13 Views
 edwardj  image (1)
 ප්‍රතිශක්ති වේදයේ පියා එඩ්වර්ඩ් ජෙනර්   වසුරිය වැළදුණු දරුවෙක්

එදා වසුරිය රෝගයට එරෙහිව විද්‍යා ලෝකය සටන් කළ අයුරු ඉතාමත් භයානක කතාවකි ,වසුරිය රෝගයට එරෙහි එන්නත සොයාගත් එඩ්වර්ඩ් ජෙනර්ගේ කුඩා කාලය සමගද මේ තොරතුරු බැදී පවතී .

එඩ්වර්ඩ්  ඇන්ටනි ජෙනර් වසර 1749 එංගලන්තයේ ග්ලොස්ටර්ශයර් ප්‍රදේශයේ දරුවන් 9 දෙනෙකුගෙන්  යුත් වංශවත් පවුලක අට වැනියා ලෙස උපත ලැබීය.ඔහු “වුටන්-අන්ඩර්-එජ්” නම් ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. එකල එංගලන්තය පුරා පැතිර ගිය වසුරියෙන් ගැලවීමට ඔහුටද  එන්නතක් ලබාදෙනු ලැබිණි. මෙය එඩ්වර්ඩ් ඉපදීමටත් පෙර සිටම (1721 දී සිට) එංගලන්තයේ වසුරිය රෝගය වැළැක්වීමට යොදාගත් ප්‍රතිකාර ක්‍රමයයි .එනම් වසුරිය   විෂබීජයම  එන්නතක් ලෙස ශරීර ගත කිරීමයි .එහෙත් මෙය ඉතාමත් භයානක ක්‍රියාවක් විය.ඒ මක් නිසාද යත් මෙලෙස ප්‍රතිකාර ලබන්නන්ගෙන් 60% කට රෝගය ඇත්ත වශයෙන්ම රෝගය වැළඳීමත් , 20%  එලෙස වැළඳෙන රෝගයෙන්ම  මිය යාමත් නිසය. ඊටත් අමතරව තවත් බොහෝ දෙනා දීර්ඝ කාලීන රෝගාබාධයන්ටද ගොදුරුවුහ. ඇත්තටම කියනවා නම් එඩ්වර්ඩ් ජෙනර්ද මෙලෙස ලබා දුන් එන්නත  නිසා  සිදුවූ සෞඛ්‍ය තත්වයේ පිරිහීමෙන් දීර්ඝ කාලීනව පීඩා වින්දේය. කෙසේ නමුත් සාර්ථක මුලික අධ්‍යාපනයකින් අනතුරුව වසර 1770 දී ඔහු ජෝන් හන්ටර් නම් වෛද්‍ය වරයෙකු යටතේ  ආධුනිකයෙකු ලෙස පුහුණුව ලැබීම ආරම්භ කළේය.

වසර 1768 වනවිටත් ගව වසුරිය වැළඳුණු මිනිසුන් හට වසුරිය නොවැලඳෙන බව ඇතැම් දෙනා අත්දැක සිටිමුත්  සාර්ථක ලෙස  ප්‍රතිශක්තිකරණය මිනිසුන් වෙත ලබාදෙන අයුරු කිසිවෙකුත්  වටහා ගෙන නොතිබුණි.

ඉදිරියට එන්නත සොයාගත් අයුරු…..

Tags: