• Today is: Thursday, July 27, 2017

මොනවද මේ පණු ගෙඩි ?

Canker-Sore_17_inside-lip

මුඛයේ ඇතුලත ආවරණයෙහි ඇතිවන ඉතාමත් කැක්කුමක් සහිත තුවාළ මේ නමින් හදුන්වනු ලබයි. එය වඩාත් බහුලවම  දක්නට ලැබෙනුයේ  තොල් සහ කම්මුල් වල ඇතුල් ප්‍රදේශ ආශ්‍රිත වය. සාමාන්‍යයෙන් ඒවා සුදු හෝ කහ පැහැයෙන් යුක්ත  වන අතර එය වටා ප්‍රදේශය පැහැයෙන් රතු   ඉදිමුනු  ස්වභාවයක්  ගනී . කැක්කුම මෙහි දැකිය හැකි සුලබම ලක්ෂණයයි. සමහරවිට ඒ සමගම උන ඇතිවීම ,වසා ගැටිති ඉදිමීම (කුද්දැටි )  සහ ශරීර අපහසුතා හට ගැනීම  වැනි රෝගී ලක්ෂණද දැකිය හැකිය.

මෙය කිසිවිටෙක එක් අයකුගෙන් තවත් අයකුට බෝ නොවන බව සැලකිය යුතුය .

සාමාන්‍යයෙන් මුඛයේ තුවාල කිසිම ප්‍රතිකාරයක් නොමැතිවම  සුවවේ. තුවාලවල වේදනාව  අඩුවීමට දල වශයෙන් දින දහයක කාලයක් ගත වෙයි.තුවාල මුළුමනින්ම සුවවීමට   සතියක් හෝ සති තුනක් අතර කාලයක් ගතවෙ.  මෙම රෝගී තත්වය වයස අවුරුදු 10-20 අතර කාලයේ  සුලබව දැකිය හැකිය.

මුඛය තුල තුවාල ඇති වීමට බලපාන හේතු මොනවාද ?

  1. මානසික පීඩන තත්වයන් / විභාග අවස්ථා වන් ආදිය
  2. ආහාර වලට ඇති වන අසාත්මිකතා
  3. ප්‍රතිශක්තිය හීන  වූ අවස්ථාවලදී
  4. හෝමෝනමය වෙනස් වීම් වලදී
  5. විටමින සහ ඛනිජ ලවණ ඌනතා වලදී
  6. මුඛයේ ඇතිවන  වෙන යම්වූ  හානි වීමකින් පසුව

 

වෛද්‍ය උපදෙස් ගතයුතු අවස්ථා

මුඛයේ තුවාල සමග

  • හිසරදය ඇති විට
  • ඇගේ පලු ඇතිවූ විට
  • බඩේ අජීර්ණ තත්වයක්  ඇති වූ විට
  • තද උණක් පවතින විට
  • තද කැක්කුමක් ඇති විට
  • විශාල තුවාළ ඇතිවූ විට

අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

අත් බෙහෙත්

  • ලුණු වතුරෙන් කට සේදීම  මගින් තරමක් හෝ වේදනාව  අඩුකර ගත හැකිය (එසේ සිදු කරන විට මුලික අවස්ථාවේදී වැඩි වේදනාව ක් ඇතිවන  අතර පසුව  එය ක්‍රමක්‍රමයෙන්  පහව  යයි)
  • එසේ  අඩු නොවන්නේ නම් වෛද්‍ය උපදෙස් සඳහා  ඉක්මනින් යොමු වීම වැදගත්ය .

මුඛයේ ඇතිවන විවිධ ආකාරයේ  තුවාල 

Canker-Sore_6_under-tongue Canker-Sore_7_roof-of-mouth Canker-Sore_9_Gums Canker-Sore_16_Children Canker-Sore_17_inside-lip

 

නැවත ඇතිවීම වැලක් වීමට ගත හැකි  පිළියම්

  • තෙල් කැම , කුළුබඩු අන්තර්ගත කෑම නැවැත්විම.
  • ශරීරයට අසාත්මික වන අහර වර්ග වලින් වැලකීම.
  • මානසික පීඩනය අවම කර ගැනීම.
  • සිනිදු දත් බුරුසුවක් භාවිතා කිරීම.
  • නිවැරදි අහර වේලක් / ශරීරයට  අවශ්‍ය වන විටමින (වෛද්‍ය උපදෙස් මත) ලබාගැනීම
Tags: