• Today is: Thursday, July 27, 2017

වකුගඩු රෝගය පැතිරයාම වළක්වාලීමේ සටන

15 Views

ශ්‍රී ලංකාවේ ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ප්‍රමුඛ සමාගමක් වන ජිනසේන සමාගමේ ජල පවිත්‍රාගාර විසඳුම් සඳහා ඇති ඉල්ලුම ඉහළ යයි. වකුගඩු රෝගය පැතිරයාම වළක්වාලීම සඳහා අවධානම් ප්‍රදේශවල ජනතාවට ජල පවිත්‍රාගාර සඳහා වන ඉල්ලුම මෙලෙස ඉහළ ගොස් තිබේ.කළමණාකරනකළමණාකරන

වකුගඩු රෝගය පැතිරයාම වළක්වාලීමේ සටනට ජිනසේන ජල කළමණාකරණ විසඳුම් එක්වෙයි

ජල කළමණාකරන පද්ධති සහ විසඳුම් සපයන ජිනසේන සමාගම සාමාන්‍ය ජල සැපයුම් ක්‍රියාවලිය, භාවිත කළ ජලය යළි පිරිසිදුකරනය සහ යළි භාවිතයට ගැනීමේ ක්‍රියාවලිය ආදිය සඳහා විසඳුම් සපයයි. ආස්‍රැත ජලය නිපදවීමේ උපකරණ, රසායනික පිරිසිදුකිරීම් සිදුකරන වතුර පොම්ප,වායු පද්ධති, UV ආරක්ෂණ පද්ධති, ජල මෘදුකාරක, යකඩ ඉවත් කිරීමේ සහ පිරිපහදුකරණ ආදී පද්ධතින් රැසක් සපයයි. තවද ජල පෙරුම්කරණ සේවා සහ ජල පෙරුම්කාරක සවිකිරීම මෙන්ම ජල සාම්පල පරීක්ෂාව ආදී සේවා රැසක් ද සපයනු ලබයි. කොළඹ සහ අනුරාධපුර නගර වල ජිනසේන සමාගම විසින් ජල සාම්පල පරීක්ෂණ මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා තිබේ. ඇමරිකාවේ HATCH පරීක්ෂණාගාරයේ තාක්ෂණයට සමාන තාක්ෂණයකින් මෙම පරීක්ෂණාගාර තුළ ජල සාම්පල පරීක්ෂා කරනු ලබයි.