• Today is: Tuesday, January 23, 2018

උණට ප්‍රතිජීවක අත්‍යාවශ්‍යද?

download

මෙය වෛද්‍ය වරුන් ලගට පැමිණෙන රෝගීන් ගෙන් බොහොමයකට ඇති ප්‍රශ්නයකි.

අපගේ ශරීරය මතුපිට, ස්වසන පද්ධතියේ ආරම්භක කොටස  සහ අහාර ජීර්ණ පද්ධතිය යන බොහෝ ස්ථාන වල ඒ ඒ ස්ථානයන්ට ආවේනික ක්ෂුද්‍ර ජීවින් දක්නට ලැබේ.මෙම ක්ෂුද්‍ර ජීවීහු අප ශරීරය සමග සහජීවනයෙන් ජීවත් වෙති.බාහිර ආක්‍රමණික ජීවින් හට එම ස්ථානයන්හි  ජීවත්  වීමට ඇති ඉඩකඩ මේ මගින්  අහුරා ඇත .බොහොමයක් උණට තත්වයන්හට හේතු කාරක වන්නේ වෛරස් ආසාදනයන්ය.එය  80% ක් පමණ වූ  ප්‍රමාණයකි. වෛරස යන් ප්‍රතිජීවක නිසා විනාශ නොවේ. එනමුත් ඔබගේ ශරීරයේ වැඩදායක බැක්ටීරියා ප්‍රතිජීවක නිසා මියයයි. එබැවින් අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ගැනීම  අපට  හිතකර  බැක්ටීරියා විනාශ වීමටත්  අප ශරීරය එයට හානි දායක ආක්‍රමණයන්ට නිරාවරණය වීමටත් හේතුවක් වේ .

එහෙයින් අත්‍යවශ්‍ය මොහොතක හැර ප්‍රතිජීවක ඖෂධ ගැනීම නොකළ යුතුය.