• Today is: Monday, November 20, 2017

PUBERTY හෙවත් ගැටවර සමය

egg

 

PUBERTY හෙවත් ගැටවර සමය 

දැරියක්, වැඩිහිටි කාන්තාවක් බවට පත්වීමේ ක්‍රියා දාමය සිදුවන  සංක්‍රාන්ති කාලය  PUBERTY හෙවත් ගැටවර සමය  ලෙසින් හැදින්වේ.මෙය මිනිස් ශරීරය තුල සිදුවන්නාවූ හෝමෝනමය ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

මිනිසාගේ මොලයේ හයිපොතැලමස නම් අවයවයක් පිහිටා ඇත.එම අවයවය මගින් GnRH නම් හෝමෝනයක් එයට පහලින් පිහිටා ඇති පිටියුටරි ග්‍රන්ථිය වරින්වරමුදා හරිනු ලබයි .අනතුරුව  එයට ප්‍රතිචාරලෙස පිටියුටරි  ග්‍රන්ථියෙන් FSH සහ LH යනුවෙන්  හෝමෝනයන් දෙවර්ගයක්  ස්‍රාවය වේ.මෙහි ප්‍රතිපලය වනුයේ දැරියගේ උදරයේ පහළ ගර්භාෂය දෙපස පිහිටා ඇති ඩිම්භකෝෂ මගින් ඊස්ට්‍රජන් හෝමෝනය රුධිර සංසරණ පද්ධතිය වෙත මුදාහැරීමයි.මෙම හෝමෝනය මගින් ශරීරයේ රෝම සහ කෙස්  වර්ධනය ,ශරීර හැඩය වෙනස් වීම සහ මාසික ඔසප් චක්‍ර ඇරඹීම පමණක් නොව සිතුම් පැතුම් හා හැසිරීම් රටාවද වෙනස් කිරීම මගින් පරිපුර්ණ කාන්තාවත් ගොඩ නැගීම සිදුවේ.

මෙලෙස පළමු  ඔසප් වීමට පෙර සිටම ඇරඹෙන  ස්ත්‍රී ශරීරයක් තුල සිදුවනපෙර සුදානම කෙසේ දැයි අපි ඊළඟ ලිපියෙන් විමසා බලමු.

.

 

 

 

Tags: