• Today is: Friday, January 19, 2018

මුඛ පිළිකා ඇතිවීමේ අවදානම ඔබට වැඩියි- පිරිමි ඔබේ දැනගැනීමට !

can1

can1

ඇමෙරිකානු පිළිකා සංගමය මගින් 1991 වසරේ දත්ත පදනම් කරගෙන කරණු ලැබූ සමීක්ෂණයක් මගින් ස්ත්‍රීන්ට සාපේක්ෂව පිරිමින් හට මුඛ පිලිකා ඇතිවීමේ අවදානම දෙගුණයකටත් වැඩි බව (15.7 : 6 ) සොයා ගෙන තිබේ. මෙයට එක් ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් විසින් ගෙනහැර දක්වා ඇත්තේ මුඛ පිලිකා ඇති කරලීමට ප්‍රධානම හේතුකාරකයන් වන දුම්කොළ සහ මත් වතුර භාවිතය පිරිමින් අතර වඩාත් සුලබ වීමයි. එමෙන්ම  කාන්තාවන්ට සාපේක්ෂව එච් පී වී ( H P V ) වෛරස් අසාදනය හේතුවෙන් ඇතිවන මුඛ පිලිකා පවා වයසින් අඩු පිරිමින් අතර බහුල බවට මෙහිදී මත පළ වී ඇත.

මෙලෙස මුඛ පිළිකා වැළඳීමේ අවදානම පමණක් නොව ඒ නිසා සිදුවන මරණ සංඛ්‍යාවද මෙවැනිම ඉහළ අනුපාතයක් (4.5: 1.7) පෙන්වයි. කාන්තාවන්ට වඩා පිරිමින් තුල ඇති දන්ත සායන වලට පැමිණීමේ මේ අඩු ප්‍රවනතාවය මුඛ පිලිකා ඒවායේ මුල් අවධියේ දීම හදුනා ගැනීමට බාධකයක් වී ඇතුවාට සැක නැත.

“ෆයිබ්රෝඇඩිනෝමා” කුමක්ද මේ ?

AGCTTY_342x198

පියවුරු වල ගෙඩියක් එහෙමත් නැත්නම් ගැටිත්තක් හඳුනා ගැනීම කාන්තාවකට  ඉතාමත් බිය උපදවන සුළු සිදුවීමක් විය හැකිය. ඒ මෙම ගැටිත්ත පිළිකාවක් විය හැකිද සහ ශල්‍යකර්මයකට භාජනය වීමට සිදුවේද යන කරුණු නිසාය.

කුමක්ද මේ “ෆයිබ්රෝඇඩිනෝමා” ? අප මදකට විමසා බලමු.
ෆයිබ්රෝඇඩිනෝමා යනු පිළිකා තත්වයක් නොවේ. මෙය කාන්තාවන් අතර සුලබම පියවුරු ගැටිති වර්ගයයි. ශ්‍රී ලංකාව ගැන දත්ත නැතත් ඇමරිකානු කාන්තාවන්ගෙන් 10% කට ආසන්න ප්‍රමාණයක ගේ මෙම ගැටිති තිබෙනබව එක්තරා සමීක්ෂණයක් මගින් සොයා ගෙන ඇත.

අපගේ පියවුරු මුලික වශයෙන්ම, කිරි නිපදවන ග්‍රන්ථි සහ ඒ වටා ඇති සම්බන්ධක පටක යන කොටස්  දෙකින් සැකසී ඇත.මෙයින් අද අපි කථා කරණ ෆයිබ්රෝඇඩිනෝමා සැදීම සඳහා වැඩිවශයෙන් දායක වන්නේ සම්බන්ධක පටක කොටස් වේ. මෙය සාමාන්‍යයෙන් වේදනාවකින් තොර, ඇල්ලීමේදී පියවුර තුල එහා මෙහා ගමන් කරණ ස්වභාවයෙන් ද පැහැදිලි රවුම් හැඩයකින් සහ තද බවින් ද යුත් ගැටිත්තකි.තරුණ වියේදී බහුල තත්වයක් වන අතර ගැබිණි අවධියේදී ප්‍රමාණයෙන් විශාල විය හැකිය.එමෙන්ම අර්තව හරනයත් සමග ප්‍රමාණයෙන් හැකිලී කුඩාවේ.

ෆයිබ්රෝඇඩිනෝමා  ගැටිත්තක  ඇතුලත ස්වභාවය

download                                                    Capture

ෆයිබ්රෝඇඩිනෝමා ඇතිවන්නේ ඇයිද යන්නට හේතුවක් තවමත් සොයාගෙන නැත.එහෙත් මාසික ඔසප් වීමට පෙර පියවුරු වේදනාවෙන් පෙලෙන කාන්තාවන්ට මෙම රෝග තත්වය ඇතිවීමේ අවදානම වැඩි බවත් උපත් පාලන හෝමෝන පෙති ලබා ගැනීමන් මේවා අත්වීමේ අවදානම පහළ යන බවත් සමීක්ෂණ වලින් හෙළිවී ඇත.

මෙවැනි ගැටිත්තක් හමුවූ විට අපි කුමක් කරමුද ? ඊළඟ ලිපියෙන් අපි විමසා බලමු.

 

දැරියකගේ මල්වර සමය ……

download

දැරියක් පිරිපුන් කාන්තාවක් බවට පත් වීම පැය කිහිපයක් හෝ දින කිහිපයක් ඇතුලත සිදුවන්නක් නොවේ. ඒ සඳහා වසර කිහිපයක් ගතවන අතර පියවර ගනනාවකින් යුතු වර්ධන ක්‍රියාවලියක් පසුකර යා යුතුවේ. මෙය ඇඩ්රිනල් ග්‍රන්ථින් සක්‍රීය වීම සහ ශරීර හැඩය වෙනස් වීම ,ශරීරයේ විවිධ ස්ථාන වල සිදුවන රෝම වර්ධනය, පියයුරු වර්ධනය සහ මාසික ඔසප් චක්‍රයේ ආරම්භය  යන අවධින්ගෙන් සමන්විතය. වයස 10-11 පමණ කාලයකදී ඇරඹෙන මෙම ක්‍රියාවලිය සම්පුර්ණ වන විට වයස 15-17 පමණ වේ. මේ අතරින් පියයුරු වර්ධනය සහ එහි අවධීන් සම්බන්ධව අප මින් පෙර සාකච්ඡා කළ අතර අද ශරීරයේ රෝම වර්ධනය සම්බන්ධව කතා කරමු.

Tanner-staging-image-female-909x1024

ශරීර රෝම වර්ධනය අතරින් ලිංගාශ්‍රිත ප්‍රදේශවල සිදුවන රෝම වර්ධනය ප්‍රධාන තැනක් ගනී.මෙය පියුබරාකි ( puberache ) ලෙස හැදින්වේ.මෙහිදී ස්ත්‍රී බාහිර ලිංගික අවයව වල බාහිර තොල් (labia majora) ආශ්‍රිතව රෝම වර්ධනය ඇරඹේ. අනතුරුව මෙම රෝම, සංඛ්‍යාවෙන් වැඩිවී ශ්‍රෝණියේ ඉදිරිපස වඩාත් ඉහලින් ඇති ත්‍රිකෝණාකාර(pubic triangle) ප්‍රදේශය ආවරණය කරන පරිදි සකස් වේ .පසුව මෙම රෝම කළවා වල ඇතුලත ප්‍රදේශයටත් අනතුරුව පෙකණිය (නාභිය) ප්‍රදේශයත් පැතිරේ.

බොහෝ විට දැරියකගේ සිරුරේ පියයුරු වර්ධනය සිදුවීම ඇරඹීමට පෙර සිටම රෝම වර්ධනයේ මුලික අවස්ථාවන් දැකිය වනු ඇත . ශරීරයේ කිහිලි ප්‍රදේශ වල රෝම ඇතිවීමද ලිංගාශ්‍රිත රෝම වලට වර්ධනයට සමගාමීවම සිදුවේ. මෙම  රෝම වර්ධනයේ  මල්වර සමයට (puberty) පෙර කොටස  ඇඩ්රිනල් ග්‍රන්ථින් වලින් ශ්‍රාවය වන ඇන්ඩ්‍රජන් හෝමෝන ක්‍රියාකාරීත්වය තුලින්ද පසු කොටස ස්ත්‍රී ලිංගික හෝමෝන ක්‍රියාකාරීත්වය තුලින්ද සිදුවන බව සොයාගෙන ඇත.

– වෛද්‍ය චන්දික එපිටකඩුව

headache

 හිසේ කැක්කුම සමග වමනය පවතියි නම් එමන්ම එම හිසරදය දැඩි ශබ්දයන් නිසා හෝ දැඩි ආලෝකය නිසා වැඩිවෙයි නම් ඔබට පවතින හිසරදය ඉරුවාරදය නිසා ඇතිවන තත්වයක් විය හැකිය. ඉරුවාරදය නිසා එන හිසරදය බොහෝ අවස්ථාවල හිසේ එක පැත්තකට සීමා වන අතර  ලබන වාරයේදී එය හිසේ අනික් පැත්තට සිමාවෙයි. හිස තෙරපෙන්නා සේ පැමිණෙන මෙම හිසරදය සාමාන්‍යයෙන් පැය 4 සිට 12ක් දක්වා පවතින අතර සමහරවිට මෙම කාලයට වැඩ අඩුවීමට හෝ වැඩිවීමට ඉඩ ඇත. සාමාන්‍යයෙන් ඉරුවාරදය සැදීමට පෙර ඉරුවාරදයේ පුර්ව ලක්ෂණ ලෙස අධික බඩගින්න නොඉවසිලිමත්කම වැනි ලක්ෂණ දැකිය හැකිය. එමෙන්ම අමුතු ශබ්ද  රසයන් සහ ගන්ධයන්  මෙන්ම ඇස බොදවීම නිවී නිවී දැල්වෙන අලෝකයන්ද  පුර්ව ඉරුවාරද සමයේ බහුලව අත්විදිය හැකි තත්වයන්ය.  කලාතුරකින් ඉරුවාරදය සමග ඇස නොපෙනී යාම කරකැවිල්ල ශරීරයේ පැත්තක් හිරිවැටීම හෝ පන නැතිවීම සිදුවිය හැකිය. මෙවන් රෝග ලක්ෂණ ඇතිවුවහොත් මෙය ඉරුව රදයටයි කියා නොසිට වහා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවියයුතු අතර මන්දයත් මෙම රොගී ලක්ෂණ මොලය අභ්‍යන්තරයේ ලේ වහනයකදීද  සිදුවිය හැකි රෝගී ලක්ෂණ වන නිසාය. 

කාන්තාවනට ඉරුවාරදය නිසා එන හිසරදය මාස ශුද්ධිය කාලයේදී වැඩිවිය හැකිය. මානසික ආතතියකින් යුතු විටද ඉරුවාරදය නිසා එන හිසරදය වැඩිවන අවස්ථාවන් එමටය. එමෙන්ම සමහර සුවද විලවුන් වර්ග අග්‍රා නය කිරීම මෙන්ම සමහර කෑම වර්ග නිසාද වැඩිවෙයි.

ඉරුවාරදය අවුරුදු 50 හෝ 60 වනවිට සම්පුර්ණයෙන්ම නැතිවී යයි.

ප්‍රධාන ආහාර වේල් සමග තේ පානය ඔබේ සිරුරට කෙසේ බලපායි ද ?

download

ඔබගේ රුධිරයේ  ඇති රතු සෛල වල “හිමොග්ලොබින්” නම් රසායනිකයක් පවතී . මිනිස් ලේවලට අදාළ රතු පැහැය ලැබී ඇත්තේ මේ මෙම රසායනිකය නිසාය. සිරුරේ පවතින  සියලුම පටකයන්ට අවශ්‍ය ඔක්සිජන් පෙනහළුවල සිට සිරුර පුරා රැගෙන යනු ලබන්නේ ද  මෙම හිමොග්ලොබින්  හා සම්බන්ධ වීමෙනි . මෙලෙස ලැබෙන  ඔක්සිජන් වලින් තොරව කිසිදු ඉන්ද්‍රියකට පැවතිය නොහැක.උදාහරණයක් ලෙස මොලයේ සෛල මිය යෑම ලේ ගමනාගමනය නතරවී විනාඩි 5 කින් ඇරඹේ. යකඩ යනු මෙම හිමොග්ලොබින්  නිෂ්පාදනයට අවශ්‍ය මුලිකම අමුද්‍රව්‍යය යයි . ඔබගේ ශරීරයේ යහ පැවැත්ම සඳහා යකඩ වල දායකත්වය කොපමණ දැයි ඔබට වැටහෙනු ඇත.

ඔබට දිනපතා අවශ්‍ය යකඩ ප්‍රමාණය ඔබ එදිනෙදා ලබාගන්නා අහාරවෙල් තුලින් ලැබේ . ආහාරයන්ගේ අඩංගු යකඩ සිරුරට අවශෝෂණය කර ගනු ලබන්නේ කුඩා බඩවැලේ මුල් කොටසේ ඇති සෛල මගිනි .මේ සඳහා යකඩ, “ෆෙරස් අයන” හෝ හෝ “හීම් අනු වශයෙන්” පැවතිය යුතුය.

තේ වල “ටැනින්” නම් රසායනිකය අඩංගුවේ.ප්‍රධාන ආහාර වේල් සමග තේ පානය කල  විට මෙම ටැනින්, ආහාරයේ ඇති යකඩ සමග බැදේ.එහි ප්‍රතිපලය කුඩා බඩවැලේ  සෛලවලට ආහාරයේ පවතින යකඩ උරා ගැනීමට නොහැකි තත්වයට පත්වීමයි.එහෙයින්  ප්‍රධාන ආහාර වේල් සමග තේ පානය එතරම් සුදුසු නැත.

 

general_edures_heart_redbloodcells

-වෛද්‍ය චන්දික එපිටකඩුව

තේ බීම ඔබට කෙසේ බලපායිද ?

capture

තේ ලංකාව පුරාම ඉතා ජනප්‍රිය බීමකි.

බෝතල් කර ඇති පැණි බීම වර්ග මෙන් නොව, තේ ඔබගේ ශරීර සෞඛ්‍යයට හිතකර පානයකි. තේ වල ඇති  අපට ගුණ දායක සංයෝගයන් අතරින් “පොලිෆීනොල් “නම් රසායනිකය මුලික වේ. මෙම රසායනිකය  ප්‍රති ඔක්සිකාරක ගුණ සහිතය. ප්‍රති ඔක්සිකාරක යනු මොනවාදැයි අපි විමසා බලමු .

අපගේ ශරීරය තුල ස්වභාවයෙන්ම  සිදුවන  විවිධාකාර ප්‍රතික්‍රියා වල අතුරු පල ලෙස “ ඔක්සිජන් සහිත”  විෂ සංඝටක ඇතිවේ.මේවා ශරීරයේ පටකයන්ට හානි සිදුකරයි. මෙසේ පටකයන්ට දිගින් දිගටම සිදුවන හානි අප  වයසට යාමටද එක් හේතුවකි. ප්‍රති ඔක්සිකාරක යනු මෙම විෂ රසායනිකයන් බලරහිත  කිරීමේ හැකියාව සහිත සංයෝගයන්ය.එහෙයින්  ඒවා හට ශරීරය වියපත් වීමේ (aging)වේගය පාලනය කිරීමේ හැකියාවද පවති.

මේ නිසා තේ ඔබට ගුණදායක බීමක් ලෙස නිර්දේශ කල හැකිය. ශරීරයට ගුණ දායක වීමට නම් තේ කෙලෙස ලබා ගත යුතුද ? .ඉදිරියේදී අප මෙය විමසා බලමු .

-වෛද්‍ය චන්දික එපිටකඩුව

කන් හැන්දෙන් ඉටි ඉවත් කිරීම කනට කෙසේ බලපායිද ?

Close-up of a mid adult man cleaning his ear with a cotton swab

බාහිර කන, ඔබ හොදින් දන්නා කන් පෙත්තෙනුන් එහි  සිට ඔබ කන් බෙරය ලෙස හඳුන්වන  කර්ණ පටහ පටලය වෙත දිව යන බාහිර ශ්‍රවණ නාලයෙනුත් සමන්වීත වේ .මෙම නාලයේ ඇතුලත සියුම් සමකින් ආවරණය වී ඇත .එහි ඉටි නිෂ්පාදන පිණිස වැදගත් වන ග්‍රන්ථි වර්ගයක් පිහිටා ඇත .මෙම ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන ද්‍රව ඉටි බාහිර ශ්‍රවණ නාලයේ ඇතුලත ආවරණයක් ලෙස පවතී.මෙම ඉටි තට්ටුව මගින් කන තුලට යා හැකි විවිධ බාහිර අපද්‍රව්‍ය රඳවා ගනී. අනතුරුව ස්වභාවික අයුරින්ම එම ඉටි එහි රැඳී ඇති  අප ද්‍රව්‍යයන්ද සමගින්ම  කන පිටතට පැමිනේ.අනතුරුව මේවා  වියළි ඉටි ලෙස කන් සිදුරෙන් ඉවත්වේ.මේ අනුව ඉටි නිෂ්පාදනය මගින් කර්ණ
පටහ පටලයේ ආරක්ෂාවට වැදගත් කාර්යයක් ඉටුවන බව ඔබට වැටහෙනු ඇත .

එහෙත් සමහරු මෙම ඉටි, කන් හැන්දක හෝ ආය කටුවක ආධාරයෙන් ඉවත් කිරීමට හුරුවී සිටිති .මෙමගින් අපගේ කනට  ස්වාභාවිකව සැලසී ඇති ආරක්ෂාව ඉවත් වන අතර කන් හැන්ද ඇතුල් කිරීමේදී  බාහිර කන ආවරණය කරණ සියුම් සමට මෙන්ම කර්ණ පටහපටලයටද හානිවිය හැකිය.මෙහි අවසාන ප්‍රති ඵලය බිහිරි බවයි.

එහෙයින් ශරීර සෞඛ්‍යට අහිතකර මේ පුරුද්දෙන් ඉවත්වීමට අප වගබලා ගත යුතුය.

ear_wax

 

සෞඛ්‍ය.lk වෙබ් අඩවිය සහ “DOCTOR TIPS” සෞඛ්‍ය කෙටි පණිවුඩ සේවාව දියත් වූ වගයි

still1116_00047

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් 2016 නොවැම්බර් මස 13 වන දින කොළඹ ආනන්ද විද්‍යාලයිය කුලරත්න ශාලාවේ දී සෞඛ්‍ය.lkවෙබ් අඩවිය දියත් කරණු ලැබිණි .ඒ නවක වෛද්‍යවරුන් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයත් ,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ,සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමයත් එක්ව සංවිධානය කිරීමට යෙදුනු “යහපත් සීමාවාසිකයා“ (GOOD INTERN PROGRAMME 4 ) තෙදින වැඩමුළුවේ දෙවන දින සමාරම්භක උළෙලට එතුමා සහභාගි වූ අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට සහභාගිවූ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යවර ගරු රාජිත සේනාරත්න මැතිතුමා විසින් සිංහල .දෙමල සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ම ජනතාවට දිනපතා සෞඛ්‍ය පණිවුඩ සපයන “DOCTOR TIPS” කෙටි පනිවුඩ සේවාව ක්‍රියාත්මක කිරීමටද යෙදුණි. මේ කෙටි පණිවුඩ යැවීමේ කාර්ය සඳහා ලංකාවේ ප්‍රමුඛ පෞද්ගලික දුරකථන සමාගමක් වූ DIALOG AXIATA සමාගම තාක්ෂණික දායකත්වය සපයයි .

මේ තැන් පටන් කාලයෙන් කාලයට වෙනස්වන දේශපාලනයෙන් ද ,කිරිපිටි සහ ඖෂධ මාෆියාවෙන්ද මිදී ,නිවැරදි , කාලින සෞඛ්‍ය තොරතුරු දේශීය සංස්කෘතියට සහ සදාචාරයට ගැලපෙන අයුරින් සිංහල බසින් ඔබ වෙත ලඟා කරවීමට සෞඛ්‍ය.lk කතෘ මණ්ඩලය බලාපොරොත්තු වෙති.

වෛද්‍ය චන්දික එපිටකඩුව
ප්‍රධාන විධායක නිලධාරී

still1115_00003still1116_00047
still1116_00041still1116_00079
still1116_00027
still1116_00013
still1116_00010

 

මෙය විද්‍යා ප්‍රබන්ධ කතාවක තවත් එක් පරිච්චේදයක් නොවේ. එහෙත් එහෙත් දෘෂ්ටි විතානයේ සහ කහ ලපයේ අබාධ නිසා ස්ථිර අන්ධ බවට පත්වී ඇති මිලියන ගණනාවක් වන ලෝක ජනගහනයට ඇති බලාපොරොත්තුවේ පණිවූඩයයි.

සාමාන්‍ය ඇසක ක්‍රියාකාරිත්වය කෙසේ දැයි අපි මදක් විමසා බලමු.ඇස ඉදිරියෙන් පවතින රූපයකින් නික්මෙන ආලෝක කිරණ  ඇසේ ඉදිරිපස කොටසේ ඇති උත්තල කාචයක ආධාරයෙන් දෘෂ්ටි විතානය වෙත නාභි ගත කෙරේ.දෘෂ්ටි විතානය යනු ඇසේ පිටුපස බිත්තියේ ආස්තරණයයි. මෙය ස්නායු අන්තයන්ට සම්බන්ධව ඉතා සියුම් ප්‍රතිග්‍රාහක මිලියන ගණනාවකින් සමන්විත ව්‍යුහයකි.කහ ලපය යනු හැදින්වෙන්නේ  මෙම  දෘෂ්ටි විතානයේ ඇති ඉතාමත්ම සංවේදීවූ  කොටසයි. මේ ආකාරයෙන්  ලබා ගනු ලබන තොරතුරු විද්‍යුත් ධාරාවක් ලෙසින් දෘෂ්ටි ස්නායුව හරහා මොලයේ රුප සංවේදනය ඇති කරවන කොටසට යවනු ලැබේ.අනතුරුව මෙම විද්‍යුත්සංඥා , රුපයක් ලෙසින් මොලයවිසින්  හඳුනා ගනු ලබයි.

අප අද කතාකරන නව නිර්මාණය වන කෘතීම ඇසට පදනම් වී ඇත්තේ රෝගියා විසින් පළඳිනු ලබන උපැස් යුවලකට සම්බන්ධ කර ඇති ඉතා කුඩා කැමරාවකි.මෙම මෙවලම මගින් සජීවී ඇසකට හැකිතාක් සමානවම ප්‍රතිබිම්බ රැස් කරගනු ඇත .අනතුරුව මෙම රූප සම්බන්ධ සංඥා , රැහැන් රහිත පද්ධතියක් ඔස්සේ ටයිටේනියම් ලෝහ කවරයක බහා ඇස තුල තැන්පත් කර ඇති ඉලෙක්ට්‍රොනික් චිපයක් වෙත සම්ප්‍රේෂණය කරණු ලබයි .මෙම චිප් පත මගින් තමන්ට ලැබෙන තොරතුරු වලට අනුකුලව දෘෂ්ටි ස්නායුව උතේජනය කරණු ලබන අතර එම සංඥා දෘෂ්ටි ස්නායුව ඔස්සේ මොලය වෙත යැවීමට කටයුතු කරණු ලබයි .

“මේ උපකරණය මගින් රෝගියෙකුගේ පෙනුම මුල් මට්ටමටම ලබාදිය නොහැකි බව අපි දන්නවා.නමුත් අපගේ උත්සාහය සැරයටියකින් හෝ මග පෙන්වන බල්ලෙකුගේ ආධාරයකින් හෝ තොරව යමෙකුට තමන්ට හුරු පුරුදු විදියක ඇවිදීමට අවස්ථාව සලසා දීමටයි “ – ඇමරිකාවේ මැසචුසෙට්ස් හි  තාක්ෂණික ආයතනයේ ඉංජිනේරු , මෙම උපකරණයේ සම නිමැවුම් කරු ආචාර්ය ජෝන් වොට් පවසයි.

ඉදිරි වසර තුනක කාලය ඇතුලත මෙම උපකරණය සදහා ඇමරිකාවේ ආයතනයේ FDA අනුමැතිය ලබා ගැනීමට ඔවුහු බලා පොරොත්තු වෙති.

-වෛද්‍ය චන්දික එපිටකඩුව